පොලීසිය කළ ඉල්ලීමක් යළිත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

හෙට සහ අනිද්දා දිනවල පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතා පැවැත්වෙන බව වාර්තා වන බැවින් ඒ තුලින් බාධා මතුවිය හැකි නිසා එම විරෝධතා අත්හිටුවන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මේ අතර, ජනතාවට අවහිර වන පරිදි අරලියගහ මන්දිරය ඉදිරිපිට ඇති රථ වාහන හා සියලු දේපල ඉවත් කර ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ කොල්ලුපිටිය පොලිසිය සිදුකළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්. කෙසේ වෙතත් ජනතාවට බාධා නොවන සාමකාමි විරෝධතා සඳහා අදාළ නියෝගය බාධාවක් නොවන බවත්, අධිකරණය එහිදී දැනුම් දී තිබෙනවා.

