මාධ්‍යවේදී වින්දන ප්‍රසාද්ට පහර දීමක්

Newsfirst මාධ්‍යවේදී වින්දන ප්‍රසාද් කරුණාරත්න මහතාට ගාලු මුවදොර අරගල භූමියේදී කිසියම් පිරිසක්
පහර දී තිබේ.
අද (මැයි 4) උදෑසන මෙම පහර දීම සිදුවී තිබිණි.
මෙම පහර දීම අරගල භූමියේ සිටින අරගලයට සම්බන්ධ නොවන පිරිසක් විසින් සිදු කරනු ලැබ ඇති බවත් ඒ සම්බන්ධයෙන් ආයතනය මගින් විමර්ශනයක් සිදු කරන බවත් වැඩිදුරටත් සඳහන්.
වින්දන ප්‍රසාද් කරුණාරත්න සක්‍රියව ආණ්ඩුවට එරෙහි ජනතා අරගලය වාර්තාකරණය සඳහා සහභාගි වූ
ජනමාධ්‍යවේදියෙකි.
මිරිහානේදී පැවති විරෝධතාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පොලිසිය බාධා කිරීමට එරෙහිව ද ඔහු
පෙනී සිටියේ ය.
වින්දන ප්‍රසාද්ට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් “My newslanka” පිළිකුලෙන් හෙළාදකිමු


