සියඹලාපිටියට යළිත් නියෝජ්‍ය කතානායක ධූරය

නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය වැඩි ඡන්දයෙන් තේරී පත් වුණා.
ඒ ඔහු නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස් වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ නියෝජ්‍ය කතානායක ධූරය සඳහාමයි.
නියෝජ්‍ය කතානායක ධූරය සඳහා ශ්‍රීලංකා නිදහස් පක්ෂය නැවතත් රංජිත් සියඹලාපිටිය යෝජනා කළ අතර සමගි ජන බලවේගය ඉමිටියාස් බාකීර් මන්ත්‍රීවරයා යෝජනා කළා.
කෙසේ නමුත් පැවති රහස් ඡන්දයෙන් අනතුරුව වැඩි ඡන්ද 83 කින් රංජිත් සියඹලාපිටිය නැවතත් නියෝජ්‍ය කතානායක ධුරය සඳහා තේරී පත් වූ අතර රන්ජිත් සියඹලාපිටිය සඳහා ඡන්ද 148ක් ලබා ගත් අතර ඉමිතියාස් බාකීර් ඡන්ද 65ක් ලබා ගත්තා.
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මතභේද මධ්‍යයේ වුව ද පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 4 ට යටතේ රහස්‍ය ඡන්ද විමසීමක් පැවැත් වූ අතර ඉන් වැඩි ඡන්ද ලබා ගනිමින් නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස තේරී පත්වුණා.

