අරගලයට චිත්‍රාල්ගෙන් ගීතයක්

අරගලයට චිත්‍රාල්ගෙන් ගීතයක්

“නදී ගංඟා තරණයේ සැරිසරා සැඩ මාරුතේ” යන ගීතයෙන් චිත්‍රාල් සෝමපාල දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයින් අතර ජනප්‍රියතාවයට පත්වුණා. එම ගීතයෙන් මෙරට ගායන ක්ෂේත්‍රය තුළ සුවිශේෂ පෙරළියක් සිදු කළා.

එමෙන්ම 2016 වසරේ ජනාධිපති සම්මාන උළෙලේ හොඳම පසුබිම් ගායනයට හිමි සම්මානය දිනාගෙන තිබෙනවා. ඒ අශෝක හඳගම ගේ “ඇගේ ඇස අග” චිත්‍රපටයේ “ඇහැරෙන්න” ගීතය වෙනුවෙනි. අශෝක හඳගම අතින් පබැඳී චිත්‍රාල් සෝමපාලයන්ගේ හඬින් ගැයුණු එම ගීතය මෙලෙස සම්මානයට පාත්‍ර වූයේ දෙවන වරට ය. පළමු වතාවට චිත්‍රාල් සෝමපාල කලාකරුවා මෙම ගීතය වෙනුවෙන් සම්මාන ලැබු‍වේ සිග්නීස් සම්මාන උළෙලේදී ය. “

ඒ කෙසේ වෙතත් ඔහු සම්ප්‍රධායෙන් වෙනස් විදිහට සංගීතය පාවිච්චි කරන කෙනක්. රස වචන වලට, ගැඹුරු අර්ථයක් ඔහුගේ හඬ නිසා ගීතයට ලැබෙනවා. ලංකාවේ දේශපාලනය පිළිබඳව එදා පටන්ම විවේචනාත්මකව කතා කරපු ඔහු පසුගියදා මේ වනවිට රටේ තැන් තැන් වල ක්‍රියාත්මක වන අරගලය වෙනුවෙන් ඔහුගේ දායකත්වය ලබා දී තිබෙනවා. ඒ ගීතයකින්, දේශපාලනයට විරුද්ධව කරනු ලැබූ මෙම ගීතය ඉතිහාස ගත වෙනවා නොඅනුමානයි