මැරඩෝනාගේ T-Shirt ලොව හොඳම ක්‍රීඩා භාණ්ඩ සැමරුම සමරයි

මැරඩෝනාගේ T-Shirt ලොව හොඳම ක්‍රීඩා භාණ්ඩ සැමරුම සමරයි

ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ආර්ජන්ටිනාවේ ඩියාගෝ මැරඩෝනා 1986 වසරේ ලොක කුසලානය ජයග්‍රහණය කරන විට ඇඳ සිටි ටීෂර්ටය පවුම් මිලියන 7.1 ක මිලකට වෙන්දේසි වී තිබෙනවා.

එම මුදල ක්‍රීඩා භාණ්ඩ සැමරුමක් වෙනුවෙන් ලොව එතෙක් මෙතෙක් හිමි වූ වැඩිම මුදල ලෙසයි වාර්තා වෙන්නේ.
හෑන්ඩ් ඔෆ් ගෝඩ්’ ලෙස එම ටීෂර්ටය නම්කර තිබෙනවා.

එම මුදලේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින් මිලියන 3,206කට ආසන්නයි. (එනම් රුපියල් කෝටි 320 කට ආසන්න වනවා.)
ඩියාගෝ මැරඩෝනා 2020 වසරේ නොවැම්බර් මාසයේදී සිය ජීවන ගමනට සමු දුන් අතර විසිවන සියවසේ පාපන්දු ක්‍රීඩකයා සම්මානයට ද මැරඩෝනා පාත්‍රවුණා.