යළිත් අගමැති නාටකය කරළියට

යළිත් අගමැති නාටකය කරළියට

රට තුළ වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වන විශේෂ කැබිනට්
රැස්වීමක් ජනාධිපති මන්දිරයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

එහිදී අගමැතිධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ කැබිනට් රැස්වීමේදී දැනුම්දී ඇතැයි වාර්තාවේ.

අගමැතිවරයා ඉල්ලා අස්වීමත් සමග කැබිනට් මණ්ඩලයද අහෝසි වන බැවින් පාර්ලිමේන්තු තුළ බහුතරයක් පෙන්වන කණ්ඩායමට නව ආණ්ඩුවක් පිහිටුවිය හැකියැයි මෙහිදී කැබිනට් ඇමැතිවරු සඳහන් කර ඇතැයිද වාර්තාවේ.