මේක විහිළුවක්ද ? – මහේල පාර්ලිමේන්තුවේ 225ටම රිදෙන්න කියයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා විසින් නියෝජ්‍ය කථානායක ධුරය සම්බන්ධයෙක් සිය කනස්සල්ල ප්‍රකාශ කරමින් ට්විටර් පණිවුඩයක් පළකර ඇත.
ඔහු පවස්නේ, රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවේ මෙලෙස නියෝජ්‍ය කථානායකවරයෙක් සහ දෙවරක් ඉල්ලා අස්වීම රටේ මුදල් සහ කාලය නාස්ති කිරීමක් බවත් මෙවැනි තත්ත්වයක් පවතින්නේ නම් පාර්ලිමේන්තුවේ සිටින සියලුම දෙනා ඉල්ලා අස්වී නිවසට වී සිටින ලෙසටය.
“මෙය විහිළුවක් ද? රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ, කාලය මුදල් නාස්ති කරමින් මෙම පත්වීම සිදුකළේ මේ මොහොතේ සිදුකළ යුතු වැදගත්ම කරුණක් ලෙසයි. ඔහු නැවතත් ඉල්ලා අස්වෙලා. කරුණාකර පාර්ලිමේන්තුවේ සිටින සියලුදෙනාම ඉල්ලා අස්වී ගෙදරට වී සිටින්න.” යනුවෙන් එම සටහන තබා තිබුණි.


