මෙරට විදෙස් සංචිතයේ දැන් තත්ත්වය

අප්‍රේල් මාසය අවසානය වනවිට ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 1,827 ක නිල සංචිත වත්කම් පවත්වාගෙන ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඉන් විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,618 ක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
එසේම මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,917 ක නිල සංචිත වත්කම් පැවති අතර, විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,702 ක් බව ද සඳහන් කර තිබේ.
කෙසේවෙතත් එය තුළ චීන මහජන බැංකුවෙන් ලබා ගන්නා ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5කට සමාන විනිමය හුවමාරු පහසුකම ඇතුළත් වුවද එය භාවිතයට ගැනීමේ දී කොන්දේසි පවතින බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටීයි.
මේ අනුව 2022 අප්‍රේල් මාසය අවසානයේ දී මෙරට භාවිතයට ගත හැකි විදෙස් විනිමය සංචිතය ඩොලර් මිලියන 118 ක මට්ටමක් දක්වා පහළ වැටී ඇති බවද හෙළිදරව්වේ.

