වැඩ පැහැර හැරියට කොස්තාපල්වරයාගේ වැඩ තහනම්

රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන්, මැයි 5 වනදා පෙරවරුවේ කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ නිල නිවසේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
මේ අතර කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ ආරක්ෂාව මෙන්ම, රටපුරා සියලු අධිකරණ වල විනිශ්චයකාරවරුන්ගේ ආරක්ෂාව වහාම තර කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පොලිස්පතිවරයාට පසුගියදා උපදෙස් ලබා දුන්නා.
කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ නිල නිවසේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමය සහ යුක්තිය උදෙසා නීතිඥයෝ සංවිධානය අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කිරීමෙන් අනතුරුවයි අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දෙනු ලැබුවේ.

