චන්න, විදුර ඉල්ලා අස්වෙයි

කම්කරු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සිය ධුරවලින් ඉල්ලා අස් වීමට තීරණ කර තිබෙනවා.
ඒ අනුව එම අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
රට තුළ පවතින වියවුල්කාරී මෙන්ම ගැටුම්කාරී තත්ත්වයන් හමුවේ මෙම අමාත්‍යවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කෙරුණා.

