යළි නැගිටින “ගෝඨාගෝගම”

පොහොට්ටුවේ ආධාරකරුවන් විසින් ඊයේ (09) දින විනාශකර දැමූ ගාලුමුවදොර ගෝඨාගෝගම අද (10) දිනයේ ඇඳිරිනීති මධ්‍යයේම එක්රැස් වූ පුරවැසියන් විසින් නැවත ස්ථාපිත කර ඇත.
ඊයේ දිනයේදී ඉතා අමානුෂික ලෙස ගෝඨාගෝගම තිබුණු අට්ටාල, පුස්තකාලය හා වෙනත් වටිනා ස්ථාන රැසක් මෙම ආධාරකරුවන් විසින් විනාශ කල අතර ඉන් අනතුරුව දිවයින පුරා දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
කෙසේවෙතත් අද දින පවත්නා ඇඳිරිනීති කාලසීමාවේත් ගෝඨාගෝගමට ජනතාව රැස්ව සිටින අතර විවිධ වෘත්තීය සමිතිවල සාමජිකයින්ද පැමිණ සිටින බවට වාර්තා වෙයි.

