හමුදා පාලනයක් ගෙන ඒමේ කුමන්ත්‍රණයක් – දුමින්ද නාගමුව

හමුදා පාලනයක් ගෙන ඒමේ කුමන්ත්‍රණයක් – දුමින්ද නාගමුව

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අද සිදුවූ පහරදීම සැලසුම් සහගතව සිදුකරන ලද්දක් බවට සැක සහිත බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රරචාරක ලේකම් දුමින්ද නාගමුව පවසනවා.

හමුදා පාලනයක් ගෙන ඒමට අවශ්‍ය වටපිටාව සකසා ගැනීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් ඇති බවට ද සැකයක් මතු වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

මෙවැනි කුමන්ත්‍රණවලට හසු නොවීම සඳහා ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටින ලෙසත්, මෙ​ය පරාජය කිරීම සඳහා බුද්ධිමත්ව කටයුතු කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.