රට භාර ගන්න අනුර සූදානම්

රට භාර ගන්න අනුර සූදානම්

වත්මන් අර්බුද නිමකර රට සාමාන්‍ය තත්වයට පත්කර ගන්නා තෙක් හා මැතිවරණයක් පවත්වන
තෙක් රටේ වගකිම භාර ගැනීම සඳහා ජාතික ජන බලවේගය සූදානම් බව එහි නායක අනුර
කුමාර දිසානායක මහතා පැවැසිය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (මැයි 11) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

“මේ ඇතිව තිබෙන නොසන්සුන්තාව සමනය කිරීමට නම් පළමුකොටම අරලිය ගහ මන්දිරයේ
කුමන්ත්‍රණකරුවන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණිය යුතුයි. හිටපු අගමැති
මහින්ද රාජපක්ෂ, හිටපු ඇමතිවරු, ප්‍රා දේශීය සභා සභාපතිවරුන් මන්ත්‍රීවරු අත්අඩංගුවට
ගෙන නීතිය හමුවට පැමිණිය යුතුයි.

ප්‍රචණ්ඩකාරි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු පොලීසිය කටයුතු
කළ යුතුයි. ගෝඨාභය රාජපක්ෂ ජනපති පුටුවෙන් ඉවත්විය යුතුයි. ඔහුමේ පුටුවේ තබාගෙන
කරන කිසිම දෙයක් රට තුළ ස්ථාවර භාවය ඇති කරන්නේ නැතිබව අපිපිළි ගන්නවා.

ජනපතිවරයා ඉල්ලා අස්විය යුතුයි. දැනට අගමැතිවරයෙක් නොමැති තත්ත්වයක් තුළ
කථානායකවරයා වැඩබලන ජනපතිලෙස කටයුතු කළ යුතුයි. ව්‍යවස්ථාව අනුව සිදුවන්නේ එයයි.
වත්මන් ආණ්ඩුවේ කිසිම දෙයක් ජනතාව පිළිනොගන්නා බැවින්මාස 6ක් තුළ මැතිවරණයක්
පවත්වා නව ආණ්ඩුවක් පිහිටුවිය යුතුය

COMMENTS