වෙඩි තියන බලය පොලීසියටත්

කලහකාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පිරිස් සම්බන්ධයෙන් උපරිම පියවර ගැනීමට සහ අවශ්‍ය අවස්ථාවලදී වෙඩි තැබීම ඇතුළු නීත්‍යනුකූල බලය භාවිත කිරීමට සියලු ම පොලිස් ස්ථාන වෙත පොලිස් මූලස්ථානය මගින් උපදෙස් දී තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.
ඒ අනුව, කලහකාරී කණ්ඩායම් හෝ ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් ජීවිත හානි හෝ කොල්ලකෑම් සිදු කිරීමේ අපේක්ෂාවෙන් වාහන නවතා සිදු කරන පරීක්ෂා වැළැක්වීම සඳහා සහ රජයේ හෝ පෞද්ගලික දේපළවලට හානි සිදු කිරීම, කොල්ලකෑම හෝ ජීවිත හානි හෝ බරපතළ තුවාල සිදු වන අන්දමේ පහරදීම් වැළැක්වීම සඳහා මෙම පියවර ගනු ලබන බව අදාළ නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.


