එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති සහ අබුඩාබි පාලක Sheikh Khalifa bin Zayed Al Nahyan අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අද ඔහු මියගොස් ඇති බවයි එරට ජනාධිපති කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ.
Sheikh Khalifa bin Zayed Al Nahyan එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති සහ අබුඩාබියේ පාලකයා ලෙස 2004 නොවැම්බර් 3 සිට මෙතෙක් සේවය කරමින් සිටියා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස සේවය කළ ඔහුගේ පියා වූ දිවංගත ෂීක් සයීඩ් බින් සුල්තාන් අල් නහියන් ගේ අනුප්‍රාප්තිකයා ලෙසටයි ඔහු 2004 නොවැම්බර් තේරී පත් වුයේ.
1948 දී උපත ලැබූ ෂෙයික් කලීෆා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දෙවන ජනාධිපතිවරයා වූ අතර අබුඩාබි එමීර් රාජ්‍යයේ 16 වැනි පාලකයායි. ඔහු ෂෙයික් සයිඩ්ගේ වැඩිමහල් පුත්‍රයා ද වනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා වූ දා සිට, ෂීක් කලීෆා ෆෙඩරල් රජය සහ අබුඩාබි රජය යන දෙකෙහිම ප්‍රධාන ප්‍රතිව්‍යුහගත කිරීමකට ප්‍රධානත්වය ගෙන තිබෙනවා.

