අරගලකරුවන් සජිත්ව හමුවෙයි

ගාලුමුවදොර අරගලයට සම්බන්ධ “සර්වපාක්ෂික අරගලකරුවෝ” හි නියෝජිත පිරිසක් අද (14) පෙරවරුවේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වුනා.
ඔවුන්ගේ අදහස් ඇතුළත් යෝජනාවලියක් ද විපක්ෂ නායකතුමා වෙත පිළිගන්වනු ලැබුවා.
අරගල භූමියේ ඉල්ලීම් පිළිබඳව තමන් සංවේදී බව පැවසූ විපක්ෂ නායකවරයා එකී ඉල්ලීම් කිසිම විටෙකත් පාවා නොදුන් බවයි කියාසිටියේ.
ජනාධිපතිවරයා නිශ්චිතවම ඉල්ලා අස්වීම සම්බන්ධව තමන් දරණ තීන්දුව තිරසාර බව පවසමින් විපක්ෂ නායකවරයා කියාසිටියේ ඉන් ඔබ්බට 19 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙන ඒම, විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් අහෝසි කිරීම, සංවරණ තුලන ක්‍රමවේදයක් හරහා ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ බලය ගොඩනැගීම යනාදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරකම් කෙරෙහි සමගි ජන බලවේගය නොවෙනස්ව පෙනී සිටින බවයි.




