නියෝජ්‍ය කථානායක ධූරයට නම් දෙකක්

දැනට පුරප්පාඩුව පවතින නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්නගේ නම යෝජනා කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කලේ ළමා හා කාන්තා ක්‍රියාකාරිනියක වන ඇය එම තනතුරට යෝජනා කරන බවයි.
මේ අතර මන්ත්‍රී අජිත් රාජපක්ෂගේ නම නියෝජ්‍ය කථානායක ධුරය සඳහා යෝජනා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.
නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීම ලබන අගහරුවාදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

