ඔස්ට්‍රේලියාවේ සුපිරි ක්‍රීඩක ඇන්ඩෘෘ සයිමන්ඩ්ස් රිය අනතුරකින් මියයයි

ඔස්ට්‍රේලියාවේ සුපිරි ක්‍රීඩක ඇන්ඩෘෘ සයිමන්ඩ්ස් රිය අනතුරකින් මියයයි

ඔස්ට්‍රේලියා හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩෘෘ සයිමන්ඩ්ස් රිය අනතුරකින් මිය ගොස් තිබේ.

ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 46 ක්.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 26 ක් – එක්දින තරග 198 ක් සහ පන්දුවාර 20 තරග 14 කට ඇන්ඩෘෘ සයිමන්ඩ්ස් ක්‍රීඩා කර තිබේ.

අද පෙරවරුවේ ක්වීන්ස්ලන්ඩ් හිදී සිදුවු රිය අනතුරකිනුයි ප්‍රවීණ ක්‍රීඩකයා ජීවිතක්ෂයට පත්වී ඇත.

2003 සහ 2007 වසරවල පැවති එක්දින ලෝක කුසලාන ඔස්ට්‍රේලියාවට දිනාදීමේදී ඔහු ප්‍රබල කාර්ය භාරයක් ඉටු කර තිබේ.

https://bit.ly/3sAE56P