කිරිපිටි මිල යළිත් ඉහළට

ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල යළිත් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව ග්රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1,020 දක්වා රුපියල් 230කින් ඉහළ දැමීමටයි කිරිපිටි සමාගම් පියවර ගෙන ඇත්තේ.
මීට පෙර ග්රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් අලෙවි වූයේ රුපියල් 790කටයි.
ඊට අමතරව කිලෝග්රෑමයක කිරිපිටි පැකට්ටුවක මිල ද රුපියල් 2,545 දක්වා ඉහළ දමා ඇති බවයි කිරිපිටි සමාගම් සඳහන් කළේ.

