නිදහස් පක්ෂයේ සහය රනිල්ට – මෛත්‍රී රනිල්ට ලියයි

නිදහස් පක්ෂයේ සහය රනිල්ට – මෛත්‍රී රනිල්ට ලියයි

ආණ්ඩුව රට වෙනුවෙන් ගන්නා නිවැරදි තීරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවශ්‍ය සහාය ලබා දෙන බව දන්වමින් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියකින් දැනුම් දී තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා අද (16) පෙරවරුවේ රට නැංවීමේ කටයුත්තේදී එක්ව වැඩ කිරීමට ඇරයුම් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒවා තිබූ ලිපියකට පිළිතුරු ලෙසයි හිටපු ජනාධිපතිවරයා අදාළ දැනුම්දීම සිදු කර ඇත්තේ.