අගමැති රනිල් බත් දන්සැලකට එක්වෙයි

අගමැති රනිල් බත් දන්සැලකට එක්වෙයි

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (15) සවස මරදාන ප්‍රදේශයේ පැවති වෙසක් බත් දන්සලකට එක්ව සිටින අයුරු දක්නට ලැබුණා.

එහිදී පැමිණ සිටි පිරිසට කහබත් බෙදා දෙමින් ඔවුන් සමඟ කතා බහ කරමින් ටික වේලාවක් අග්‍රාමාත්‍යවරයා එහි රැඳී සිටි බවයි වාර්තා වන්නේ.

මෙවර වෙසක් සමය එළඹෙත්ම රට පුරා සාමකාමී වාතාවරණයක් දක්නට ලැබුණු ද වෙනදා නගරවලට එක් රොක් වන පිරිස් මෙවර දක්නට ලැබුණේ නැහැ.

ප්‍රවාහන දුෂ්කරතා සහ උග්‍ර ඉන්ධන හිඟය මේ තත්ත්වයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.