ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ජනතාවට පණිවිඩයක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ජනතාවට පණිවිඩයක්

එක්දින හා සාමාන්‍ය සේවය යටතේ ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ මෙම සේවාවන් සදහා කලින් දිනයක් හා වේලාවක් වෙන් කර ගෙන පැමිණීම අනිවාර්ය බවයි.

ඒ සදහා www.immigration.gov.lk වෙබ් අඩවිය හෝ 0707 10 10 60 දුරකථන අංකය භාවිතා කන මෙන් දැනුම් දෙන අතර දුරකථන අංකය භාවිතා කරන්නේ නම් රජයේ වැඩ කරන දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා ඒ සදහා පහසුකම් සලසා ඇත.

මේ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්….