බ්‍රිතාන්‍යයේ පළාත් මැතිවරණයක් ජයගත් ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ දියණිය

බ්‍රිතාන්‍යයේ ටැටන්නෝ පළාත නියෝජනය කරමින් මිල්ටන් කේන්ස් කවුන්සිලය (Milton keynscouncil) සඳහා කන්සවේටිව් පක්ෂය නියෝජනය කරමින් පළාත් මැතිවරණයට ඉදිරිපත්වු ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ්. ජේ. ඒම්. මුසම්මිල් මහතාගේ දියණිය වන ෂස්නා මුසම්මිල් මහත්මිය එයින් ජය ගත්තාය.
කන්සවේටිව් පක්ෂය ටැටන්නෝ පළාතේ බසුබෑමකට ලක්ව තිබියදීත් ජන්ද දායකයින් 8647 ගෙන් ප්‍රකාශිත ජන්ද 31.18% ප්‍රතිශතයකින් ජන්ද 1167ක් ලබාගනිමින්ප්‍රථම ස්ථානයට ෂස්නා මුසම්මිල්ල් මහත්මිය තේරි සමත්විය. මැතිවරණය මැයි 05 දින පවත්වා තිබේ.
බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් ප්‍රදේශයේ පදිංචි ෂස්නා මුසම්මිල් මහත්මිය එක්සත් රාජධානියේ කාඩිෆ් මෙට්‍රො පොලිටන්විශ්ව විද්‍යාලයෙන් ඒම්. බී. ඒ උපාධිය හා එරට විවෘත විශ්ව විද්‍යාලෙයන් ඒම්. ඒස්. සී සංවර්ධන කළමනාකරණය උපාධිය හදාරා තිබේන අතර ඇය එරටේ සමාජ සේවිකාවකි.
ඇය ශ්‍රී ලංකාවේ පදිංචිව සිටියදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිගේ පෞද්ගලික ලේකම් වශයෙන් හා ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා සංවිධාන රැසක සමාජ සේවිකාවක ලෙස කටයුතු කර තිබේ.
වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම හා පදිංචිය සදහා බ්‍රිතාන්‍යට ගොස් වි ශ්ව විද්‍යාල කීපයක අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව සමාජ සේවා කටයුතු වල නිරතව සිටින අතර තුර ඇය පළාත් මැතිවරණය සදහා ඉදිරිපත්ව ජයගෙන තිබේ.





