පොලීසිය ඇතුළට දේශපාලනය රිංගපු හැටි පොලිස්පති කියයි

පොලීසිය ඇතුළට දේශපාලනය රිංගපු හැටි පොලිස්පති කියයි

පොලිසියට එරෙහිව මහ ජනතාවගේ දැඩි කලකිරීමක් ඇතිවීමට හේතුව පසුගිය කාල සීමාව තුළ පොලිසිය දැඩි ලෙස දේශපාලනීකරණය වීම බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විස් මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසා තිබේ.

පසුගිය කෙටි කාල කාල සීමාව තුළ පොලිසිය දේශපාලනීකරණය වූ ආකාරය පිළිබඳව එම ලිපියෙහි සඳහන් කර ඇත.

එම ලිපියෙහි දැක්වෙන පරිදි පසුගිය 2021. 01.01 සිට, 2021.11.03 දක්වා පැවති රජය යටතේ ස්ථානාධිපති ධූර ලබා දුන් පොලිස් ස්ථානාධිපතිවරුන් 184 දෙනාගෙන් නිසි සුදුසුකම් සහිතව එම තනතුර ලබා දී ඇත්තේ, පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුට පමණකි.

ඉතිරි පොලිස් ස්ථානාධිපතිවරුන් 182 දෙනා තමන්ගේ නිර්දේශවලින් තොරව දේශපාලන බලය මත පත්වීම් ලබා ඇති ආකාරය පොලිස්පතිවරයා විසින් මීට මාස 03කට පෙර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇති අයුරු මෙම ලිපියෙන් හෙළිදරව් කර තිබේ.