මේ රට බාර ගන්න එන්නේ රැවුල් වවාගත්ත, කොණ්ඩෙ වවා ගත්ත,ගල් යුගයේ පිරිසක්ද?

මේ රට බාර ගන්න එන්නේ රැවුල් වවාගත්ත, කොණ්ඩෙ වවා ගත්ත,ගල් යුගයේ  පිරිසක්ද?

විශ්වවිද්‍යාලවල තරුණයෝ හැසිරෙන්නෙ කුලී හමුදාවක් වගේ. අතනට යන්න කිව්ව ම යනවා. මෙතනට යනන කිව්ව ම යනවා. සමහර දේශපාලන පක්ෂවල ක්‍රියාකාරකම්වලට අපේ රටේ ශිෂ්‍ය පරම්පරාව යොදා ගන්නවා” යනුවෙන් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.

ඉකුත් 9 වන දා රට පුරා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විවේචනාත්මක ස්වරයෙන් කතා කළ මන්ත්‍රීවරයා කියා සිටියේ, අපි ඕනෑ ම වෙලාවක මෙතනින් යන්න සූදානම්, ඒත් මේ රට බාර ගන්න සූදානමින් ඉන්නෙ කවු ද? රැවුල් වවාගත්ත, කොණ්ඩෙ වවා ගත්ත, ගල් යුගයේ පිරිසක් ද? යනුවෙන්.

තව ද එම පිරිස් සමාජය විසින් ‘පොරවල්’ කර ඇති බවත් එවැනි පොරවල්වලට රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර හොඳ රටක් නිර්මාණය කරන්න පුලුවන් කියන එක ගැන තමාට ප්‍රශ්නයක් පැන නගින බව ද ඔහු ප්‍රකාශ කළා.

වැඩි දුරටත් ඔහු අසා සිටියේ “අපි හොරු ද? අපි පාර්ලිමේන්තුවට ඇවිත් තවම පොඩි කාලයයි. අපි ජනතාවගෙ මගුල් ගෙදරට මළ ගෙදරට ගිහින් විශ්වාසය හදාගෙනයි මෙතැනට ආවේ” යනුවෙන් පැවසීය.

COMMENTS