හදිසි නීතියට හදිසියේම වෙච්ච දේ

රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පැනවූ හදිසි නීතිය අහෝසි වී තිබෙනවා.
ඒ ඊයේ (20) මධ්‍යම රාත්‍රියෙන් පසුවයි.
පසුගිය මැයි මස 06 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් හදිසි නීති තත්ත්වය රට තුළ බලාත්මක කරනු ලැබුවා.
හදිසි නීතිය පනවා එය බලාත්මක කිරීම පාර්ලිමේන්තුවට පැවරී ඇති අතර, ඒ සඳහා එම නීතිය පනවා දින 14ක් තුළ එය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුත්තේ ජනාධිපතිවරයා විසින්.
නමුත් එය එලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර දින 14 ඉක්මවා යාම හේතුවෙන් මෙලෙස අහෝසි වී තිබෙනවා.
ඒ අනුව රට තුළ පනවා තිබූ හදිසි නීතිය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසුව අහෝසි වී ගිය බවයි ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ.

