ඇමර්සන් වනයටත් අන්තර්ජාලය

ලොව ධනවත්ම පුද්ගලයා වන ටෙස්ලා නිර්මාතෘ ඊලොන් මස්ක් ඊයේ (20) බ්‍රසීලයේ සංචාරයක් අරඹමින් එරට ජනාධිපති ජයීර් බොල්සොනාරෝ මුණ ගැසුණා.
ඔවුන් සාවෝ පෝලෝ අගනුවරට කිලෝමීටර් 100 ක් පමණ ඈතින් පිහිටි පෝටෝ ෆෙලිස් හි සුඛෝපභෝගි හෝටලයකදී හමු වූ අතර, බ්‍රසීලයේ ප්‍රධාන පෙලේ සමාගම්වල ප්‍රධානීන් ද එම අවස්ථාවට එක්ව සිටියා.
ඊලොන් මස්ක්ගේ බ්‍රසීල සංචාරයේ එක් අරමුණක් වන්නේ ඇමසෝන් කලාපයේ දහස් සංඛ්‍යාත පාසල්වලට අන්තර්ජාල පහසුකම් ලබාදීමයි.
එමගින් ඇමසෝන් සදාහරිත වනාන්තරයේ අන්තර්ජාල සහ චන්ද්‍රිකා සන්නිවේදන පහසුකම් පුළුල් කිරීමට අපේක්ෂිතයි.
මෙහි විසිරී ඇති පාසල් 19,000 ක් පමණ ඊලොන් මස්ක් ගේ ස්ටාර් ලින්ක් අන්තර්ජාල චන්ද්‍රිකා පද්ධතිය හා එක් කෙරෙන අතර සදාහරිත වනාන්තරයේ පාරිසරික තත්ත්වයන් අධීක්ෂණය කිරීමට ද එමගින් හැකියාවක් ලැබෙනවා.
ඊලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ෆෝබ්ස් සඟරාව මගින් හඳුන්වන අතර ඔහුගේ වත්කම් ඇමෙරිකානු ඩොලර් බිලියන 200 කට අධිකයි.
https://nz.news.yahoo.com/elon-musk-visits-brazil-discuss-161825381.html

