පුතාගේ රථයට තෙල් ගහන්න නිල ඇඳුමින් පැමිණි පොලිස් නිලධාරියාට විරෝධය

පෑලියගොඩ පොලීසිය ඉදිරිපිට ඇති අයි.ඕ.සී පිරවුම් හලෙන් පොලීසියේ ඉහළ නිලධාරීයෙක් තවත් සාමාන්‍ය පුද්ගලයෙකු සමඟ පැමිණ ඔහුගේ පුතාගේ මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීමට ගිය අවස්ථාවේදී එහි සිටි ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබෙනවා.
ජනතාව කියා සිටියේ පැය 16ක පමණ කාලයක් පෝලිමේ ඉඳලත් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වී තිබෙන මොහොතක මෙසේ නිල ඇඳුම භාවිතා කරමින් තම පුද්ගලික රථවලට පෝලිමේ රැදී නොසිට ඉන්ධන ලබා ගැනීම අසාධාරණ බවයි.
පැය ගනන් පෝලිම් වල රැදී සිටින ජනතාවට මෙවැනි අසාධාරණකම් නොකරන ලෙසට ඔවුන් ඉල්ලීමක්ද කළා.

