HND සිසුන්ට එල්ල වූ ප්‍රහාරයේදී “රැට්ටාටත් ” ප්‍රහාරයක්

අද පැවති විරෝධතාවයක් අතර, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක් වන ‘රැට්ටාට ‘ද ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.
මේ අතර, රැට්ටා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මෙම ප්‍රහාරය ගැන කියමින් සටහනක් පළ කර තිබුණා.
රාජ්‍ය ත්‍රස්තවාදය කඳුළු ගෑස් ගහන අංශක 90 ඉගෙන ගන්න අයිතිය ඉල්ලල පාරට බැස්ස නිරායුධ HND සිසු උද්ඝෝෂනයට කඳුළු ගෑස් කෙලිංම ඇගට වෙඩි තිබ්බ පොලිසිය !! උඹලගෙ දරුවො බෙහෙත්නැතුව ඉස්පිරිතාල වල පන අදිද්දි තේරෙයි!
මේ අතර ඔහු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් නැවත ගෝල්ෆේස් අරගල බිමත් සමඟ එකතු වී ඇති බව වාර්තා වෙනවා.





