ප්‍රතිජලභීතිකා මර්දන ඖෂධවල හිඟයක්

ප්‍රතිජලභීතිකා මර්දන ඖෂධවල හිඟයක්

පවතින් ඖෂධ හිඟය හේතුවෙන් රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ හිපයක හිඟයක් පවතිනවා.

ඒ අතර විශේෂයෙන් හෘද රෝගවලට ලබා දෙන ඖෂධ සහ ජලභීතිකා මර්දන එන්නත්වල මේ වනවිට හිඟයක් පවතිනවා.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ, අත්‍යවශ්‍ය ඖෂධ 14ක් හිඟයක් තිබෙන බවත්, ඉන් දෙකක්වත් සැපයීමට අපගේ වෛද්‍ය සැපයුම් අංශයට මේ මොහොතේ හැකියාවක් නොමැති බවත්, එම ඖෂධ දෙක වන්නේ හෘද රෝගවලට භාවිත කරන ඖෂධයක් සහ ප්‍රතිජලභීතිකා ඖෂධයක්. හැබැයි ප්‍රතිජලභීතිකා ඖෂධය සඳහා විකල්ප ඖෂධයක්වත් නොමැති බව ඔහු පසුගියදා ජාතිය අමතමින් කියා සිටියා.

පශු වෛද්‍ය නුවන් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලයකට අදහස් දක්වා තිබුණා,

ඔහු දැක්වූ අදහස් පහතින් නරඹන්න,