සෙලෙන්ස්කි යුද්ධය අවසන් කරන්න පුටින් මුණගැසීමට සූදානම්

යුද්ධය අවසන් කිරීම සඳහා තමාට සාකච්ඡා කළ හැකි එකම රුසියානුවා ජනාධිපති ව්ලැදිමීර් පුටින් පමණක් බව යුක්රේන ජනාධිපති වොල්ඩර්මියර් සෙලෙන්ස්කි ප්රකාශ කළා.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් යුක්රේන ජනාධිපතිවරයා චෝදනා කළේ රුසියානු හමුදා, යුක්රේන සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ප්රහාර දියත් කරන බවයි.
මේ නිසා රුසියාව සමඟ කවර මට්ටමක හෝ සාකච්ඡාවක් සංවිධාන කිරීම දුෂ්කර වී ඇති බව යුක්රේන නායකයා සඳහන් කළා. ජනපති පුටින්ගේ සහභාගීත්වයෙන් තොරව යුද්ධය අවසන් කිරීම ගැන සාකච්ඡා කිරීම ප්රතිඵල රහිත බව පැවසූ යුක්රේන නායකයා සදහන් කළේ තමාට ඒ පිළිබද ඒකපාර්ශවික තීරණය කළ නොහැකි බවයි.
මේ නිසා රුසියානු ජනපති පුටින් හට වෙනත් රුසියානුවෙකු සමග සාකච්ඡා කළ නොහැකි බවත් ඔහු සමග වුවද සාකච්ඡා කල හැක්කේ යුද්ධය අවසන් කිරීම ගැන පමණක් බවත් ජනපති සෙලෙන්ස්කි අවධාරණය කළා.

