ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කෙරේ

ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කෙරේ

2021 වර්ෂය 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව පාසල් කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ අදාළ නිවේදනයට අනුව මෙවර වැඩිම කඩයිම් ලකුණු ප්‍රමාණයක් හිමිව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයටයි.

එය ලකුණු 179ක්. දෙවැනි ස්ථානය මහනුවර ධර්මරාජ විද්‍යාලයට හිමිව ඇත්තේ ලකුණු 178කටයි.

කොළඹ ආනන්ද විද්‍යාලයට මෙවර කඩයිම් ලකුණු ලෙස හිමිව ඇත්තේ, 176ක් වන අතර එම ලකුණු ප්‍රමාණයටම ගාල්ල රිච්මන්ඩ්, කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය ද හිමිකම් කියනවා.