හෙටත් ගෑස් නෑ – පෝලිම්වල ඉන්න එපා

හෙට දිනයේත් ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.
ගෑස් නෞකා දෙකකට අදාළ ගෙවීම් කටයුතු සිදුකර ඇති අතර, අනිද්දා දිනයේ දී ගෑස් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 35කින් ඉහළ නංවන බව සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සනත් මංජුල කියා සිටියේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමඟ මෙලෙස බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සිදු වූ බවයි.

