බිත්තර මිලත් ඉහළ යන ලකුණු

බිත්තර මිලත් ඉහළ යන ලකුණු

ඉදිරි දිනවලදී බිත්තරයක මිල රුපියල් 38 ක් හෝ 40 ක් දක්වාවත් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.

අද වන විට කුකුළු ආහාර මිල සේම ඉන්ධන මිලත් වැඩිවීම නිසා බිත්තරයක නිෂ්පාදන වියදම පමණක් රුපියල් 31 ක් දක්වා වැඩිවී තිබෙන බවයි එම සංගමය සඳහන් කළේ.

මේ වනවිට රුපියල් 65 කට 70 කට අලෙවි කෙරුණු කුකුළු කෑම කිලෝවක මිල රුපියල් 220 ක් දක්වා වැඩිවී තිබෙන බවත් ඉන්ධන මිල වැඩිවීමත් සමඟ එය තවත් වැඩිවිය හැකි බවයි වාර්තා වෙන්නේ