ශ්‍රී ලංකාවේ අර්බුදයට ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් බියෙන්

ශ්‍රී ලංකාවේ අර්බුදයට ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් බියෙන්

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් ලබන මාසයට යෙදී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සැක සංකා පළ කර තිබේ.

කෙසේ වෙතත්, ඔවුන් අදාළ සංචාරය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ගන්නා තීරණයට එකඟ වන බව ද පවසා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉන්ධන අර්බුදය, විදුලිය කැපීම්, ආහාර හිඟය ආදී ගැටලු සම්බන්ධයෙන් අදාළ ක්‍රීඩකයින්ගේ සැලකිල්ල යොමු වී තිබේ.

මෙම සංචාරයේදී පන්දු වාර 20 තරග 3ක් රාත්‍රී තරඟ ලෙස පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා විදුලිය කප්පාදුව බලපානු ඇතැයි අදාළ මාධ්‍ය වාර්තාවේ සඳහන් වේ.

https://bit.ly/3wMjYFh