පුනර්ජනනීය ව්‍යාපෘතිවලට අනුමැතිය දෙන්න – ඇමති

විදුලි බල මණ්ඩලයට මාසිකව අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා ගැනීම පිළිබඳව සහ දැනට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති පුනර්ජනනීය ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දෙන ලෙස ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා දැනුම් දී තිබේ.
අමාත්‍යරවයා පුනර්ජනණිය බලශක්ති අධිකාරියට මෙම දැනුම්දීම සිදු කර ඇත්තේ, විදුලි බල මණ්ඩලයේදී අද පැවති සාකච්ඡාවකදී ය.
අමාත්‍යවරයා පවසා ඇත්තේ, එමගින් දැනට පවතින විදුලිබල හිඟය පියවා ගැනීමට අපේක්ෂා කරන බවයි.
රටේ පවතින විදුලි අර්බුදය කඩිනමින් අවසන් කිරීම වෙනුවෙන් අඛණ්ඩව විදුලිය ලබා දීමට සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඇති බාධාවන් ඉවත් කර ගැනීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇත.

