භුමිතෙල් එක හමාරක් ගන්න කට්ට කාපු අපේ අය

භුමිතෙල් එක හමාරක් ගන්න කට්ට කාපු අපේ අය

හැටන් ප්‍රදේශයේ භුමිතෙල් පාරිභෝගිකයන් පැය 17ක් පොලිමේ රැදි සිටිමින් භුමිතෙල් ලිටර් 1 ½ මිල දී ගත් සිද්ධියක් වාර්තා වනවා.

හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් පැය 17කට ආසන්න කාලයක් පොලිමේ රැදී සිටිමින් තමන්ට භුමිතෙල් ලිටර් 1 ½ක් මිල දී ගැනීමට හැකි වූ බව යි හැටන් පාරිභෝගිකයන් පවසන්නේ.

එම ඉන්ධන පිරවුම්හලට භුමිතෙල් තොග ලැබෙන බවට ලද තොරතුරක් මත පාරිභෝගිකයන් ඊයේ (26) දින අලුයම 5 සිට දිගු පොලිම්වල රැඳී සිට තිබෙනවා.

(26) දින උදැසන එම ඉන්ධන පිරවුම්හලට භුමිතෙල් තොග ලැබිමත් සමඟ පොලිම්වල රැඳී සිටි පිරිස් අතර ඇති වු නොසන්සුන්කාරි තත්ත්වයක් පාලනය කිරිමට යාමේ දී යුධ හමුදා භට පිරිස් සහ හැටන් පොලිසියේ නිලධාරින් හා පාරිභෝගිකයන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ද ඇති වූ බව සඳහන්.