අටුලගම අතුරදන් වූ දැරිය සොයන්න පොලිස් මෙහෙයුමක්

අටුලගම අතුරදන් වූ දැරිය සොයන්න පොලිස් මෙහෙයුමක්

බණ්ඩාරගම – අටලුගම ප්‍රදේශයේ අතුරුදන්වූ නව හැවිරිදි දැරිය සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඔවුන් මේ වනවිට සිය මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

ඊයේ (27) උදෑසන සිය නිවසට මීටර් 250 ක් පමණ දුරින් පිහිටි කුකුළු මස් වෙළඳසැලකට ගොස් ඇති මෙම දැරිය යළි නිවසට පැමිණ නැහැ.

ඒ සම්බන්ධයෙන් දැරියගේ දෙමව්පියන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි පොලිස් පරීක්ෂණ මෙලෙස ආරම්භ කර ඇත්තේ. මෙලෙස අතුරුදන් වී ඇත්තේ ෆාතිමා අයීෂා නැමති අල් ගස්සාලි මහා විද්‍යාලයේ සිව්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක්.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ දැරියගේ පියා පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීම් සිදුකර තිබෙනවා.

මේ වනවිට මවගෙන් ද ප්‍රකාශ ලබාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.