ආහාර අපතේ යවන්න එපා – ඉදිරියේදී වී මිලත් අහස උසට

ආහාර අපතේ යැවීම හැකිතාක් දුරට අවම කරගත යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසනවා.
ඒ, ඉදිරියේදී ඇතිවන ආහාර අර්බුදයට මුහුණදීම සඳහා ගත යුතු පියවරක් ලෙසයි.
මේ අතර, ඉදිරියේදී වී මිල විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ඊයේ (28) පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

