මේ අහිංසක දරුවා කරපු වරද මොකක්ද ? මුන්ව එල්ලුම් ගස් යවන්න ඕනේ, දමිතගේ රතු කට්ට පනී
දමිතා අබේරත්න කියන්නෙ මේ දවස්වල අරගල භූමිය තුළ නිරන්තරයෙන් දකින්න පේන්න ඉන්න කෙනෙක්.
විශේෂයෙන්ම තවමත් අරගලය අත් නෑර ඉන්න දමිතා, දින 50ක් සපිරුණූ ඊයෙත් අරගල භූමියේ රැදී සිටියා.
මේ අතර අපිට ඊයේ අහන්න ලැබුණා හද කම්පනයට පත් කරන පුවතක් ඒ බණ්ඩාරගම – අටළුගම ප්‍රදේශයේ 9 හැවරිදි දැරියක් හිත් පිත් නැති පිරිසක් විසින් ඝාතනය කර තිබීමේ පුවතයි.
ඉතින් බොහෝ දෙනෙක් එම මරණය සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට විවිධ අදහස් පල කරමින් සිටිනවා.
මේ සම්බන්ධව ප්‍රවීන රංගන ශිල්පිනියක් වන දමිතා අබේරත්න ද සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා මෙලෙසින්,
“මේ අහිංසක දරුවා ලස්සන රෝස මලක් වගේ තවමත් පිපෙන්නට වරම් ලැබුවේවත් නැති..මේ ලෝකෙ මිනිස්සුන්ගෙ හිත් මේ තරම් කෘරිරු උනේ ඇයි..නීතියෙන් අපි ඉල්ලන්නේ මේ වගකිවයුත්තන්ව ආපහු මේ සමාජයට නිදහස් කරන්න එපා…එල්ලලා මරන්න..මේ වගේ තිරුසනුන් මේ රටට එපා..මේ ලෝකෙටම එපා..මේ රත්තරන් කිරිකැටියා කල වරද මොකක්ද…මේ වින්දිතයින්ට මරණ ඩඩුවම දෙන්න..ලමා අපචාර දූෂණ හිංසා වලින් වැරදි කරුවෝ වන කිසිම කෙනෙක් මේ රටේවත් ඉන්න ඕනෙ නෑ…ඔවුන් මේ ලෝකෙටම පිළිල…මේ වගේම මීට පෙරත් සිදුවූ දරුවොන් විනාස කිරීම් දූෂණය කර මරා දැමීම් මේ සියලු දේ වෙනුවෙන් මේ කාලකණ්නි තිරිසනුන්ට එල්ලුම් ගස නියම කර යුතුයි ..අපි බොහෝ තැන් වලදී මේ වෙනුවෙන් පෙනී සිටියා..දැන් හොදටම ඇති..තවත් මේ වගේ කාලකණ්නි තිරිසනුන්ට අසමජ්ජාති අවජාතකයින්ට මේ මිහිපිට දරුවෙක් දිහා බලන්නටවත් ඉඩ නොදෙන එකම දඩුවම එල්ලා මැරීමයි..එකෙක්ව එල්ලුවානම් ඔක්කොටම දැනේවි.. අපි ඉල්ලනවා මුන්ට සමාවක් නොදෙන ලෙස සොබාදහමෙනුත්..දුකයි දරගාන්න බෑ…චූටි මැනිකෙ අපිට සමාවෙන්න රටක් විදියට මේ විෂම වූ ලෝකය තුල ඔයාගෙ ලස්සන හිනාව රැකගන්න බැරි උනාට…ගිහින් එන්න රත්තරන් පුතේ” යනුවෙන් සටහනක් තබා තිබුණා.