දේශබන්දු සති 2කට නිවාඩු යයි

දේශබන්දු සති 2කට නිවාඩු යයි

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (30) දින සිට සති දෙකක කාලයක් නිවාඩු යන බව වාර්තා වනවා.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සති දෙකක කාලයකට තමන්හට නිවාඩු අවශ්‍ය බව පොලිස්පතිවරයා වෙත දන්වා ඇත්තේ පසුගිය සතියේ දී යි.

එම නිවාඩු අනුමත වීමෙන් පසුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ වැඩ රාජකාරී ආවරණය කිරීම සඳහා අනයුක්ත කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ජගත් පලිහක්කාරයි.

සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ රාජකාරී ආවරණය කිරීම සඳහා තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යෙදීම පොලිසියේ රාජකාරි සම්ප්‍රදාය වුවත් මෙවර එය එසේ සිදු වී නැහැ.

කෙසේ වෙතත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම බස්නාහිර පළාතෙන් ඉවත් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට දුන් නියෝගය ද මේ වන තුරු ක්‍රියාත්මක වී නැහැ.

නීතිපතිවරයා විසින් එම නියෝගය පොලිස්පතිවරයාට නිකුත් කර මේ වන විට සතියකට වැඩි කාලයක් ගත වී ඇතත් මෙතෙක් එම නියෝගය ක්‍රියාත්මක වී නැහැ.