වෙඩි තැබීමක් – අයෙක් මරුට

පිටකොටුව – බැස්ටියන් මාවත බස් නැවතුම්පල ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද (30) උදෑසන 10 ට පමණ යතුරුපැදියකින් පැමිණි අයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සැක කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 30 හැවිරිදි අයෙක්.
තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, වෙඩි තැබීමට හේතුව සොයා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

