ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක්

ඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක පමණ මුදලක් ලබා දෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ නියෝජිතවරිය වන චියෝ කන්ඩා පැවසූ බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
චියෝ කන්ඩා මහත්මිය පසුගියදා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හමු වූ අවස්ථාවේ දී ඒ බව පවසා තිබුණා.
ඇය එහි දී පවසා ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි අනෙකුත් සංවිධාන සමග ලෝක බැංකුව කටයුතු කරන බවත්, ඔවුන් මේ වන විට ක්‍රියාත්මක කරන ව්‍යාපෘති ‘ප්‍රතිව්‍යුහගත’කරන ලෙස ඉල්ලමින් මෙම දුෂ්කර අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීම සඳහා ඔවුන්ව දිරිමත් කරන බවයි.

