සිවිල් ගුවන් සේවා අධිකාරියේ රාජකාරි කටයුතුවල වෙනසක්

සිවිල් ගුවන් සේවා අධිකාරියේ රාජකාරි කටයුතුවල වෙනසක්

නැවත දැනුම්දෙන තුරු සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්යාල මණ්ඩලය රාජකාරි සඳහා ගෙන්වීමේ ක්‍රමවේදයෙහි වෙනසක් කොට තිබෙනවා.

ඒ අනුව 2022 මැයි 30 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි කාර්යාල මණ්ඩලය රාජකාරි සඳහා වාර්තා කළ යුත්තේ සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනයන්හි පමණක් බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

ඒ දිනයන්හි කාර්යාල වේලාවන් දක්වා ඇත්තේ උදෑසන 8.30 සිට සවස 4.15 දක්වායි.

එම දිනයන්හි කාර්යාල මණ්ඩලය කාර්යාලයේ සිට වැඩ කළ යුතුය.

අනෙකුත් දින දෙක වන අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනයන්හි උදේ 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාල මණ්ඩලය නිවසේ සිට වැඩ කළ යුතු බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කරන්නේ.

එබැවින් සේවා දායකයන් හට අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) කාර්යාල වෙත නොපැමිණෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.