වැසි මැද, ගෑස් ගන්න ජනතාව අදත් පෝලිම්වල

හෝමාගම නගර මධ්‍යයේ ඇති ගෑස් අලෙවි නියෝජිත මධ්‍යස්ථානයෙන් ගෑස් ලබා ගැනීමේ අරමුණින් දහසකට ආසන්න පිරිසක් අදත් (31) රැඳී සිටින බව වාර්තා වෙනවා.
අද දිනයේ මෙම පිරිස ගෑස් ලබා ගැනීමේ අරමුණින් රැඳී සිටින්නේ හයවැනි දිනටයි.
මෙලෙස රැඳී සිටින පිරිස අතර ගෑස් ලබා ගැනීම සඳහා සඳහා ටෝකන් ලද අය සහ ටෝකන් නොලද අයද සිටින බවයි වාර්තා වන්නේ.
තව ද මෙම ස්ථානයෙන් ගෑස් ලබා ගැනීමට ටෝකන් පතක් ලබා ගැනීමට නම් ජාතික හැඳුනුම්පතේ ඡායාපිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබූ බව ද වාර්තා වනවා.
මෙම ගෑස් පෝලිමේ ජනතාව රැඳී සිටින්නේ මේ දිනවල පවතින අධික වර්ෂාව පවා නොතකමින්.

