පොහොරත් දෙන්නම්, වන්දිත් දෙන්නම්, කුරක්කන් හරි වවන්න

සහල් වෙනුවට වෙනත් භෝග වගාකර යම් පාඩුවක් සිදුවුවහොත් එය වන්දියක් සේ සළකා රජය මගින් අදාළ මුදල ගොවීන්ට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
පවතින අර්බුදය සම්බන්දයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කැබිනට් මාධ්‍ය හමුවට අද(31) එක්වෙමින්.
එසේම කුමන හෝ අතිරේක භෝග වර්ගයක් වගා කරන ලෙස එහිදී ඉල්ලා සිටි අමාත්‍යවරයා සිනහ මුසු මුහුණින් කියා සිටියේ කුරක්කන් හෝ වගා කරන ලෙසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ඉදිරි කන්නයේ සිට ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාගැනීමට මුල්‍යමය ආධාරයක් ද ලබා දීමට රජය පියවර ගන්නා බවයි.
මේ අතර රට තුළ සහල් හිඟයක් ඇති බවත් මෙම වසරේදී විශාල ප්‍රමාණයක් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් ඇති බව ත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
“සහල්වල හිඟයක් තියෙනවා. දැනට වෙළෙඳ ඇමතිතුමා සහල් ආනයනය කරන්න කටයුතු කරනවා. මෙම වර්ෂයට විශාල ප්‍රමාණයේ සහල් ගෙන ඒමේ අවශ්‍යතාවයක් තියෙනවා”
කෙසේ නමුත් ඔහු ප්‍රකාශ කර සිටියේ, ලබන අවුරුද්දේ සිට සහල් ආනයනය කිරීම නවතා මෙරටට අවශ්‍ය සහල් රට තුළ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සැලැසුම මේ වන විට සකස් කරමින් සිටින බව ය.
මේ වන විට සහල් මෙට්‍රික්ටොන් 338,000ක් ආනයන කර ඇති බව ත් ඉදිරියේදී තවත් සහල් ආනයනය කිරීමට සිදු වන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

