ලංකාවේ නැව් දෙකක් සිංගප්පූරුවට දෙයි

ලංකාවේ නැව් දෙකක් සිංගප්පූරුවට දෙයි

ලංකා නැව් සංස්ථාව සතු නෞකා දෙකක් ජාත්‍යන්තර කුලී වෙළෙඳපොළ තුළ සේවයේ යෙදවීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම්/වී සිලෝන් බ්‍රීස් ( Ceylon Breeze) සහ එම්.වී. සිලෝ ප්‍රින්සස් ( Mv.Ceylon Princess) යන නෞකා දෙක 2022 නිරිත දිග මෝසම් කාලය තුළ කුලී සේවයේ යෙදවීම පිණිස අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇත.

එම කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ එම්/එස් වොලම් ෂිප්ං ( Wallem Shipping Pte Ltd) ආයතනය වෙත ප්‍රදානය කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.