රන්ජන් ශාස්ත්‍රවේදී උපාධි පරික්ෂණයට

රන්ජන් ශාස්ත්‍රවේදී උපාධි පරික්ෂණයට

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට යටත්ව වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් විවෘත විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාවේ පළමු වසර අවසාන පරීක්ෂණයට එළඹෙන ජුනි මස 4 වැනිදා සහභාගී වන බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක විසින් ප්‍රකාශ කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඒ සදහා අවශ්‍ය අනුමැතිය ලබාදුන්නේ රන්ජන් රාමනායක බන්ධනාගාර ගත වීමෙන් පසු විවෘත විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාව හැදැරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස කළ ඉල්ලීමට අනුවයි.

ඉන් අනතුරුව අවශ්‍ය පහසුකම් සලසා දුන් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නීතිරීති වලට අනුකූලව නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ රංජන් රාමනායක විභාගයට සහභාගි කරවීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇති බවත් චන්දන ඒකනායක වැඩි දුරටත් ප්‍රකාශ කළේය.