විමල්ට නායකත්වයක්

ආණ්ඩුවේ සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ දහයේ ප්‍රධානත්වයෙන් ඉදිරියේ ගොඩනැගෙන නව සන්ධානයක නායකයා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පත් කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.
එම පක්ෂ නායකයින්ගේ හමුවක් ඊයේ කොළඹදී පැවැති අතර, ඉන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

