කාර්යාල දුම්රිය අතරමඟ නවතී – සා/පෙළ සිසුන් සහ ජනතාව මහ මඟ

පානදුර දක්වා ධාවනය වූ කාර්යාල දුම්රිය අතරමගදී නතර වී තිබෙනවා
ඇන්ජිම පමණක් ඉදිරියට ධාවනය වීම නිසා දුම්රිය මගීහු දැඩි අපසුතාවයට පත්ව තිබෙන බව සඳහන්
කඩවත – මහබාගෙ මාර්ගය හරස්වන අයුරින් දුම්රිය මැදිරි නතර වී ඇති අතර කඩවත සිට මහබාගෙ දක්වා දිවෙන මාර්ගයේ වාහන ගමනා ගමනයටද බාධා එල්ල වී තිබෙනවා
කාර්යාල සේවකයෝ ද සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියෝ ද මින් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි පැවසෙන්නේ
මේ අතර බූස්ස දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී සිදුවූ අනතුරක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

